Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හිතෝපදේශ 5:2

Sinhala Revised Old Version

මාගේ ප්‍රඥාවට ඇහුම්කන්දී, මාගේ ඥානයට නුඹේ කන නමන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්‍රකාශකෙළෙමි.

ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක; ඔබගේ තොල්වල අනුග්‍රහය වගුරුවනලද්දේය. එබැවින් දෙවියන්වහන්සේ ඔබට සදාකාලයටම ආශීර්වාදකළසේක.

මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්‍රකාශකරන්නේය; මක්නිසාද එහි ගණන නොදනිමි.

ධර්මිෂ්ඨයාගේ තොල් බොහෝදෙන පෝෂණයකෙරෙති; එහෙත් මෝඩයෝ තේරුම් මදිකම නිසා මියයෙති.

ප්‍රඥාවන්තයන්ගේ දිව දැනගැන්ම හරිලෙස කියාදෙයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම වගුරුවයි.

ප්‍රඥාවන්තයන්ගේ තොල් දැනගැන්ම පතුරුවයි; එහෙත් අඥානයන්ගේ සිත ස්ථිර නැත.

ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා, ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතුකරයි.

රන්ද රතුකැට රාශියක්ද ඇත්තාහ; එහෙත් දැනගැන්ම ඇති තොල් අනර්ඝ මාණික්‍යයක්ය.

මාගේ පුත්‍රය, ඒවා නුඹේ ඇස්වලින් පහ නොවේවා; සාරවූ ඥානයද සිහියද තබාගන්න;

මාගේ මනමාලිය, නුඹේ තොල්වලින් මීවදය මෙන් පැණි වැගිරෙයි. නුඹේ දිව යට මීපැණිත් කිරිත් තිබේ; නුඹේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්