ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.
ධනවතා ළඟට ගමන් යන්නෙක් ආයේය, ඔහු තමා ළඟට ආ මගියාට කෑම පිළියෙළකරන පිණිස තමාගේම බැටළුවන්ගෙන්වත් ගවයින්ගෙන්වත් ගන්ට අකැමැතිවී දිළින්දාගේ බැටළු වැස්සිය රැගෙන තමා ළඟට ආ මනුෂ්‍යයාට කෑම පිළියෙළකෙළේයයි ඔහුට කීය.
නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ළිඳෙන් උනන වතුරද බොන්න.
එසේය, මාගේ පුත්‍රය, නුඹ මක්නිසා අන්‍ය ස්ත්‍රියෙකු කෙරෙහි ප්‍රීතිමත්ව, අන්‍ය තැනැත්තියෙකුගේ ළය වැළඳගන්නෙහිද?
මාගේ ප්‍රේමවන්තය, දහවල් සිසිල්වී සෙවණැලි පහවන තුරු, බෙතෙර් කඳු පිට යන මුවෙක් නොහොත් මුව පැටියෙක්මෙන් හැරී එන්න.
මාගේ ප්‍රේමවන්තයා මුවෙකු නොහොත් මුවපැටවෙකු මෙන්ය. අන්න, ඔහු අපේ තාප්පයට පිටතින් සිට, කවුළුවලින් බලයි, ගරාදි අතුරෙන් එබීබලයි.
නුඹේ දෙතන මහනෙල් අතරේ ගොදුරු කන මුවදෙනකුගේ නිඹුල් පැටවුන් දෙදෙනෙකු මෙන්ය.
නුඹේ දෙතන නිඹුල් මුවපැටවුන් දෙදෙනෙකු මෙන්ය.
මාගේ ප්‍රේමවන්තය, ඉක්මන්කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත්මුවෙකු නොහොත් මුවවස්සෙකු මෙන් යුහුසුලුවෙන්න.