මක්නිසාද මම මාගේ පියාට ප්‍රිය පුත්‍රයෙක්ව, මාගේ මවු ඉදිරියෙහි මෘදුවූ එකම පුත්‍රයෙක්ව සිටියෙමි.
දාවිත් කථාකොට: මාගේ පුත්‍රවූ සාලමොන් ළාබාලය, ස්වාමීන්වහන්සේට ගොඩනගන්ට තිබෙන ගෘහයේ කීර්තියද තේජසද සියලු රටවලට පතළවී යන හැටියට එය අතිශයින් අලංකාරව තිබෙන්ට ඕනෑය. එබැවින් මම ඒ පිණිස සූදානම්කරන්නෙමියි කීවේය. මෙසේ දාවිත් තමාග් මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේය.
තවද දාවිත් රජ මුළු සභාවට කථාකොට කියනුයේ: දෙවියන්වහන්සේ විසින් තෝරාගත් එකම තැනැත්තා වන මාගේ පුත්‍රවූ සාලමොන් තවම ළාබාලය, වැඩෙත් මහත්ය. මක්නිසාද මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවිවූ ස්වාමීන්වහන්සේටය.
යෙරුසලමේදී ඔහුට දාව උපන් අය මොව්හුය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සාලමොන්ය, මේ හතරදෙනා අම්මියෙල්ගේ දූවූ බැත්-ෂුවාගෙන් උපන්නෝය.
ස්වාමීන්වහන්ස, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.
දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.
එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන්න.