විනාශවෙන්ට යන අයට සුරාපානයද ශෝක සිත ඇත්තන්ට මුද්‍රිකපානයද දෙන්න.
ඈ වනාහි කන්දේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්වාගත්තාය. එවිට ගෙහාසී ඈ අහක්කරන පිණිස ළංවිය; නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා කථාකොට: ඈ නිකම් උන්නාවේ. ඇගේ ආත්මය ශෝකව තිබෙයි; ස්වාමීන්වහන්සේ එය මට නොදන්වා, මාගෙන් සැඟවූසේකැයි කීවේය.
නාස්තිවෙන්ට ළංව සිටි අයගේ ආශීර්වාදය මා පිටට පැමුණුණේය. වැන්දඹුවගේ සිතත් ප්‍රීතියෙන් පිනායන්ටද සැලැස්වීමි.
උන්වහන්සේ දුඃඛිත අයට එළියත් ශෝක සිත් ඇත්තන්ට ජීවිතයත් දෙන්නේ මන්ද?
මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.
ඔහු බී තමාගේ දිළිඳුකම සිහිනැතිකොට, තමාගේ කාලකණ්ණිකම තවත් මතක් නොකර සිටීවා.
මම කුමක් කියම්ද? උන්වහන්සේ මට වදාරා, උන්වහන්සේම ඉෂ්ටකළ සේක. මාගේ ආත්මයේ තද ශෝකය නිසා මාගේ සියලු අවුරුදුවල සන්සුන්කමින් යන්නෙමි.
නුඹම පිරිසිදුව සිටින්න. මින්මතු වතුරම බොන්නෙක් නොවී, නුඹේ ආමාශය උදෙසාද නොයෙක්විට පැමිණෙන නුඹේ දුර්වලකම් නිසාද, මුද්‍රිකපානය ටිකක් භාවිතාකරන්න.
ඇගේ ආත්මය ශෝකයෙන් පීඩිතවූයේය, ඈ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් අඬ අඬා සිටියාය.
දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.