Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හිතෝපදේශ 31:4

Sinhala Revised Old Version

ලෙමුවෙල්, මුද්‍රිකපානය බීම රජුන්ටත් සුරාපානයට ආශාවීම අධිපතීන්ටත් සුදුසු නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

16 හුවමාරු යොමු  

ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහු තිර්ශාහි ගෙදර ප්‍රධානියාවූ අරිශාගේ ගෙයිදී බීමත්වී සිටින අතර,

රජුන් සමඟ කුඩාරම්වල බොමින් සිටියාවූ බෙන්-හදද් තෙමේ ඒ කීම ඇසූ විට: යුද්ධයට සැරසෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය. ඔව්හුද නුවරට විරුද්ධව සැරසී සිටගත්තෝය.

සත්වෙනිදා රජුගේ සිත මුද්‍රිකපානයෙන් පිනාගිය විට, වස්තී බිසව පෙනීමට ඉතා ලක්ෂණ නිසා ඇගේ අලංකාරකම ජනයන්ටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස,

පණිවිඩකාරයෝ රජුගේ ආඥාව පිට ඉක්මන්කර පිටත්ව ගියෝය, ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය. රජද හාමාන්ද බිමට හිඳගත්තෝය; නුමුත් ෂූෂන් නුවර කැළඹුණාය.

මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය; එයින් වැනෙන කවුරු නුමුත් ඥානවන්ත නොවෙයි.

නුඹ මුහුද මැද නිදාගන්නෙකු මෙන්ද කුඹගසක මුදුනේ නිදන කෙනෙකු මෙන්ද වන්නෙහිය.

එම්බා දේශය, නුඹේ රජ වංශවත් දරුවෙක් වන විටද, නුඹේ අධිපතීන් ගිජුකමට නොව ශක්තිය පිණිස නිසි වේලාවට කෑම කන විටද, නුඹ වාසනාවන්තය!

මුද්‍රිකපානය බීමට සමර්ථවූ, සුරා මිශ්‍ර කිරීමට ධෛර්යමත් මනුෂ්‍යයෝවූ,

ඇරත් මුද්‍රිකපානය ද්‍රෝහියෙක්ය, අහංකාරවූ, ගෙදර නැවතී නොසිට තමාගේ ආශාව පාතාලය මෙන් විශාලකරගන, මරණය මෙන් තෘප්තියට නොපැමිණ, තමා වෙතට සියලු ජාතීන් රැස්කර ගන්නාවූ තමා වෙතට සියලු ජනයන් එකතුකරගන්නාවූ මනුෂ්‍යයෙක්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්