උන්වහන්සේ නුඹට තරවටු නොකරන පිණිසත් නුඹ බොරුකාරයෙක් නොවන පිණිසත් උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න.
කාරණා දෙකක් ඔබගෙන් ඉල්වීමි; මාගේ මරණය දක්වා ඒවා මට නොදී නොසිටිය මැනව.
එසේය, මළාහු නැගුටුවනු නොලබත් නම් දෙවියන්වහන්සේ විසින් නොනැගිටෙවුවාවූ ක්‍රිස්තුස්වහන්සේව උන්වහන්සේ නැගිටෙවූසේකැයිද අප උන්වහන්සේ ගැන සාක්ෂි දුන් බැවින්, අපත් දෙවියන්වහන්සේ ගැන බොරු සාක්ෂිකාරයන් බව පෙනේ.
මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.
නුඹලා අතරෙහි අනාගතවක්තෘ කෙනෙක්වත් ස්වප්නකාරයෙක්වත් නැගිට,
මා නුඹලාට අණකරන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වන පිණිස මා නුඹලාට අණකරන වචනයට කිසිවක් එකතුකිරීමවත් එයින් කිසිවක් අඩුකිරීමවත් නොකරන්න.