ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.
ඔහුගේ ඇළපත් තෙලෙන් පිරී, ඔහුගේ ඇටමිදුළු තෙත්ව තිබෙන්නේය.
උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක.
ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.
මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.
පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.
නුඹලා එය දැක නුඹලාගේ සිත් ප්‍රීතිවන්නේය, නුඹලාගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. ස්වාමීන්වහන්සේගේ හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, උන්වහන්සේ තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත.