Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හිතෝපදේශ 3:28

Sinhala Revised Old Version

නුඹ ළඟ තිබෙද්දීත්: ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමියි නුඹේ අසල්වාසියාට නොකියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය.

උදයේ නුඹේ බීජ වපුරන්න, සවසත් නුඹේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා නුඹ නොදන්නෙහිය.

කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.

මාගේ සැට්ටය මුදා තැබීමි; මා ඒක අඳින්නේ කොහොමද? මාගේ පාද සේදීමි; ඒවා මම කෙසේ කිලුටුකරන්නෙම්දැයි කීවෙමි.

නුඹේ අසල්වාසියාට හිංසා නොකරන්න, ඔහුගෙන් කොල්ල නොකන්න. කුලීකාරයාගේ කුලී පසුවදා උදය වනතුරු රෑ මුළුල්ලේ නුඹ වෙත නොතිබිය යුතුය.

ඉතින් කැමතිවීමට සූදානම්ව සිටියාක්මෙන්ම නුඹලාගේ පුළුවන්කමේ හැටියට එහි තීන්දුවත් පැමිණෙන පිණිස දැන් කිරීමත් තීන්දුකරන්න.

එසේවී නුමුත් මේ ගැන නුඹලා උදෙසා අපේ පාරට්ටුව හිස් නොවන පිණිසද මා කී හැටියට නුඹලා සූදානම්ව සිටින පිණිසද සහෝදරයන් එවීමි.

යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගවන්තව, බෙදාදීමට ලැදිව සිටින්ටත්,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්