එවිට නුඹේ පය නොපැකිල, නුඹ සුවසේ නුඹේ මාර්ගයෙහි යන්නෙහිය.
ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.
උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක. නුඹ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිදනසේක.
දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.
ඔහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔහුගේ සිතෙහිය; ඔහුගේ අඩිවලින් එකක්වත් නොලිස්සන්නේය.
ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය.
එසේ උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්ෂාකරමින්, තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්ෂිතකරනසේක.
නුඹ යන කල නුඹේ පාද අවහිරනොවන්නේය; දුවන කල නුඹ නොපැකිලෙන්නෙහිය.
නුඹ යන එන විට ඒවා නුඹ ගෙනයන්නේය; නුඹ නිදන කල නුඹ ළඟ රැකවල්කරන්නේය; නුඹ පුබුදින කලද නුඹ සමඟ කථාකරන්නේය.
ඔවුන් අතරෙන් කිසිවෙක් ක්ලාන්තවෙන්නේවත් පැකිලෙන්නේවත් නැත; කිසිවෙක් නිදිමත නොවන්නේය, නිදා නොගන්නේය; ඔවුන්ගේ ඉඟපටි නොලිහෙන්නේය, මිරිවැඩි පටිය නොකැඩෙන්නේය.
කාන්තාරයෙහි යන අශ්වයෙකු මෙන් නොපැකිලෙන හැටියට ඔවුන් ගැඹුරු මැදින් ගෙන ගියාවූ තැනන්වහන්සේ කොයිද?
මම ඔවුන් ස්වාමීන්වහන්සේ තුළ බලවත්කරන්නෙමි; ඔව්හු උන්වහන්සේගේ නාමයෙන් හැසිරෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.