ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක.
රතුකැට සහ පළිඟු සඳහන් කරන්ටවත් වුවමනා නැත. එසේය, ප්‍රඥාව මුතුවලටත් වඩා අගේය.
මක්නිසාද ඔබගේ කරුණාගුණය ජීවිතයට වඩා යහපත; මාගේ තොල් ඔබට ප්‍රශංසාකරන්නේය.
රන්ද රතුකැට රාශියක්ද ඇත්තාහ; එහෙත් දැනගැන්ම ඇති තොල් අනර්ඝ මාණික්‍යයක්ය.
ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද? ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය.
රිදී නොව මාගේ ගුරුකමද අනර්ඝ රනට වඩා දැනගැන්මද පිළිගන්න.
මක්නිසාද ප්‍රඥාව රතුකැටවලට වඩා හොඳය; ආශාවිය හැකි සියලු දේවල්ද ඊට සමාන නොවේ.
ප්‍රඥාව උරුමයක්මෙන් හොඳය; එසේය, ඉර දකිනවුන්ට එය මහත් වාසියක්ය.
මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි.