ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය.
රත්රන් දීලා ඒක ගන්ට බැරිය, ඒකේ වටිනාකමට රිදී කිරා දීලාවත් එය ලබාගත නොහැකිය.
රතුකැට සහ පළිඟු සඳහන් කරන්ටවත් වුවමනා නැත. එසේය, ප්‍රඥාව මුතුවලටත් වඩා අගේය.
කූෂ්හි පුෂ්පරාග ඊට සමාන නොවේ, පවිත්‍ර රනින් ඒකේ අගය නියමකරන්ට බැරිය.
රන්රිදී දහස් ගණනකට වඩා ඔබගේ මුඛයෙන් නික්මුණු ව්‍යවස්ථාව මට යහපත්ය.
ප්‍රඥාව ලබාගැනීම රන්වලට වඩා කොපමණ හොඳද! එසේය, නුවණ ලබාගැනීම රිදීවලටත් වඩා අනර්ඝය.
තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.
නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්,
ඒ සියල්ල නුවණ ඇත්තාට පැහැදිලිව, දැනගැන්ම ලබාගන්නන්ට හරිව පෙනෙන්නේය.
අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා මුහුදෙන් එතරට ගොස් එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය මුහුදෙන් එතර තිබෙනවාත් නොවේ.