මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ; එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ.
ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා. මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම අතරේදී පවා මාගේ යාච්ඤාව පවතින්නේය.
වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇති කෙනෙක්ය; කේලමක් පතළකරන්නාද අඥානයෙක්ය.
තුවාලකරන තැළීම් නපුර පහකරයි; පහරවල්ද ඇතුල් කොට්ඨාසවලටම වදියි.
තෘප්තියට පැමිණි අය මීවදයට අප්‍රිය කරයි; එහෙත් ක්ෂුධාවත් අයට සෑම තික්ත දෙයම මිහිරිය.
ඉච්චා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ.
මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.
මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.