ගලක් බරය, වැලිත් බරය. එහෙත් ඒ දෙකටම වඩා මෝඩයෙකුගේ උරණය බරය.
ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස කෲරතර නිසාද ඊට ශාපවේවා. මම ඔවුන් යාකොබ් අතරෙහි බෙදා ඉශ්‍රායෙල් අතරෙහි විසුරුවන්නෙමි.
මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය.
මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය.
අඥානයෙකු තමාගේ මෝඩකමේදී සම්බවීමට වඩා පැටවුන් නැතිවුණු වැලහින්නියක් මනුෂ්‍යයෙකුට සම්බවීම හොඳය.
නුඹේම මුඛය නොව වෙන කෙනෙක්ද නුඹේම තොල් නොව අන්‍යයෙක්ද නුඹට ප්‍රශංසාකෙරේවා.
උදහස කෲරය, කෝපයද රෞද්‍රය; එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද?
එකල නෙබුකද්නෙශර් කෝපයෙන් පිරුණේය, ෂද්‍රක්ටද මේෂක්ටද අබේද්-නෙගෝටද විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස්විය. ඔහු කථාකොට, පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයක් උදුන රත්කරන්ට අණ කෙළේය.
කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා දැක බාලාම් ඈ පිට ඉන්දදීම බිම වැතුරුණාය. බාලාම්ගේ කෝපය ඇවුළුණේය, ඔහු තමාගේ කෙවිටෙන් කොටළුදෙනට ගැසීය.
තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක්හෙයින් ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය.