හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය.
ඉශ්‍රායෙල් රජ උත්තරදෙමින්: යුද්ධායුධ ගළවා දමන්නා මෙන් ඒවා පැළඳගන්නා ගරුකම් නොකියාවයි ඔහුට කියන්නැයි කීවේය.
හාමාන් තවත් කථාකොට: එස්තර් බිසව පිළියෙළකළ මංගල්‍ය කෑමට මා මිස රජු සමඟ වෙන කිසිවෙක් ගෙන්නෙව්වෙත් නැත; හෙටත් රජු සමඟ එන්ට ඈ විසින් ආරාධනාකරනු ලැබීමි.
මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!
මක්නිසාද මතු සිදුවෙන්නේ මොකද කියා ඔහු නොදනියි; ඒක වෙන්නේ කොහොමද කියා ඔහුට දන්වන්නේ කවුද?
ඔව්හු කථාකොට: එන්න, මම මුද්‍රිකපානය ගෙනෙන්නෙමි, අපි සුරාපානයෙන් මත්වන්නෙමුව; හෙටත් අද වාගේ අධිකතර ලොකු දවසක් වන්නේයයි කියති.
මක්නිසාද– පිළිගත යුතුවූ කාලයකදී නුඹට ඇහුම්කන්දුනිමි. ගැළවීමේ දවසකදී නුඹට පිහිට වුණෙමියි උන්වහන්සේ කියනසේක. මෙන්න, දැන් පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය.
ඇරත් ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන් අතට නුඹ සමඟ ඉශ්‍රායෙල්වරුන් පාවාදෙනසේක. හෙට නුඹ සහ නුඹේ පුත්‍රයන් මා සමඟ සිටිනවා ඇත. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් සමුදාවත් පිලිස්තිවරුන් අතට පාවාදෙනසේකැයි කීවේය.