අඥානයෙකුට ගෞරවය දෙන්නා ගල් ගොඩක තබනලද මැණික් පසුම්බිය මෙන්ය.
සැප ජීවිකාව අඥානයෙකුට නොහොබනේය; ඊට වඩා, මෙහෙකරුවෙක් අධිපතීන් කෙරෙහි ආණ්ඩුකිරීම නොහොබනේය.
ග්‍රීෂ්ම කාලයට හිම මෙන්ද, ගොයම් කපන කාලයට වර්ෂාව මෙන්ද, අඥානයෙකුට ගෞරවය නොහොබනේය.
කොරෙකුගේ කකුල් වලංගු නැත; අඥානයන්ගේ මුඛයෙන් නික්මෙන උපමාවත් එසේමය.
අඥානයන්ගේ මුඛයෙන් නික්මෙන උපමාව බේබද්දෙක් අතින් වනන කටුගහක් මෙන්ය.
එනම්, රජබවට පැමිණෙන සේවකයෙක්ය; කෑමෙන් තෘප්තියට පැමිණියාවූ මෝඩයෙක්ය;