අඥානයෙකු අත පණිවිඩ අරින්නා තමාගේ පාද කපා දමා අලාභ විඳින්නේය.
දත්වලට කාඩිත් ඇස්වලට දුමත් යම්සේද, අලසයා ඔහු මෙහෙයවන අයට එසේමය.
දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි; එහෙත් විශ්වාස තානාපතියා සුව උපදවයි.
විශ්වාස පණිවිඩකාරයා තමා යවන්නන්ට ගොයම් කපන කාලයේ හිමේ ශීතල මෙනි; ඔහු තමාගේ ස්වාමිවරුන්ගේ ආත්මය ප්‍රාණවත්කරන්නේය.
අඥානයා තමා ප්‍රඥාවන්තයෙකැයි නොසිතන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තරදෙන්න.
කොරෙකුගේ කකුල් වලංගු නැත; අඥානයන්ගේ මුඛයෙන් නික්මෙන උපමාවත් එසේමය.
එහෙත් ඔහු සමඟ ගිය මනුෂ්‍යයෝ කථාකොට: ඒ සෙනඟට විරුද්ධව යන්ට අපට නොහැකිය; මක්නිසාද ඔවුන් අපට වඩා බලවත්යයි කීවෝය.