ග්‍රීෂ්ම කාලයට හිම මෙන්ද, ගොයම් කපන කාලයට වර්ෂාව මෙන්ද, අඥානයෙකුට ගෞරවය නොහොබනේය.
මෙසේ හාතාක් රජවාසල් දොරටුව ඉදිරිපිට නුවර වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේය.
හාතාක් ඇවිත් මොර්දෙකයිගේ වචන එස්තර්ට දැන්නුවේය.
දුශ්චරිතය මනුෂ්‍යපුත්‍රයන් අතරෙහි උසස්වෙන කල දුෂ්ටයෝ සියලු දෙසම ඇවිදිති.
අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි; නුමුත් ඔහු ස්වාමින් කෙරෙහි භය ඇත්තන්ට ගෞරවකරයි. තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.
එම්බා බලවන්තය, නුඹ නපුරු ක්‍රියායෙහි කුමට පාරට්ටුකරගන්නෙහිද? දෙවියන්වහන්සේගේ කරුණාව නිතරම පවත්නේය.
උතුම් කථාව මෝඩයෙකුට නොහොබනේය; බොරුකාර දිව උත්තමයෙකුට ඊටත් වඩා නොහොබනේය.
සැප ජීවිකාව අඥානයෙකුට නොහොබනේය; ඊට වඩා, මෙහෙකරුවෙක් අධිපතීන් කෙරෙහි ආණ්ඩුකිරීම නොහොබනේය.
අශ්වයාට කසයක්ද කොටළුවාට කටකලියාවක්ද අඥානයන්ගේ පිටට ඉපලක්ද වෙත්.
අඥානයෙකුට ගෞරවය දෙන්නා ගල් ගොඩක තබනලද මැණික් පසුම්බිය මෙන්ය.
නුවණින් හීනවූ අධිපතියා දරුණු පීඩාකාරයෙක් වන්නේය; එහෙත් අයුතු ලාභයට ද්වේෂකරන්නා ආයුස වැඩිකරගන්නේය.
එසේ නැත්නම් අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන්ද මිල්ලෝ වංශයද දවාදමාවා; ෂෙකෙම් වැසියන්ගෙන්ද මිල්ලෝ වංශයෙන්ද ගිනි නික්ම අබිමෙලෙක් දවාදමාවයි කීවේය.
ඔවුන් එය යෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසීම් කන්ද මුදුනේ සිට ශබ්දනගා මොරගසමින්: ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන්වහන්සේ නුඹලාට ඇහුම්කන්දෙන පිණිස නුඹලා මට ඇහුම්කන්දෙන්න.