ඔහුගේ රසවත් කෑමවලට ආශා නොවෙන්න, ඒවා රැවටිලි කෑමය.
අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොහළ මැනව; ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකරෙමේවා.
අප්‍රසන්න බැල්මක් ඇත්තාගේ කෑම නොකන්න, ඔහුගේ රස කෑමවලට ආශා නොවන්න.
රජතෙමේ ඔවුන්ට තමාගේ භෝජනවලින්ද තමා බොන මුද්‍රිකපානයෙන්ද දවස්පතා කොටසක් නියමකොට, ඊට පසු ඔවුන් රජු ඉදිරියෙහි සිටින පිණිස තුන් අවුරුද්දක් ඔවුන් පෝෂ්‍යකරන්ට අණකළේය.
එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියමකරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය.
එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.
[එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,