අන් ස්ත්‍රීන්ගේ මුඛය ගැඹුරු වළක්ය; එහි වැටෙන්නේ ස්වාමීන්වහන්සේ කෝපකරවන තැනැත්තේය.
ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල් රජවූ සාලමොන් මේ දේ කිරීමෙන් පව්කළා නොවේද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත, ඔහුගේ දෙවියන්වහන්සේද ඔහුට ප්‍රේමකොට මුළු ඉශ්‍රායෙල් කෙරෙහි ඔහු රජකළසේක. එසේ වී නුමුත් ඔහු පවා අන්‍ය ජාතී ස්ත්‍රීන් විසින් පව්කරන්ට සලස්වනලද්දේය.
එහෙයින් ඔවුන් තමුන්ගේ මන්ත්‍රණවල හැසිරෙන ලෙස ඔවුන්ගේ සිත් දැඩිකමෙහි ඔවුන් අත්හැරියෙමි.
මක්නිසාද වේශ්‍යාවක් වනාහි ගැඹුරු අගළක්ය; අන් ස්ත්‍රියද පටු වළක්ය.
එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.
ස්වාමීන්වහන්සේ ඒ දැක, තමන් පුත්‍රයන්ගේද දූවරුන්ගේද කෝප ඉපදවීම නිසා ඔවුන් එපා කළසේක.