රජකෙනෙක් විනිශ්චයාසනයේ හිඳ තමාගේ ඇස්වලින් නපුරුවූ සියල්ල විසුරුවා දමන්නේය.
ඒ තෙමේ වලාකුල් නැතුව ඉර උදාවන කල්හි තිබෙන උදය ආලෝකයද වැස්සෙන් පසුව බබළන දීප්තිය කරණකොටගෙන පොළොවෙන් හටගන්න ළපටි තෘණද මෙන් වන්නේය.
ඔහු විනිශ්චයකරන පිණිස සිංහාසනයේ ශාලාව වන අධිකරණ ශාලාවත් සෑදුවේය. එය බිම පටන් උඩ තට්ටුව දක්වා කිහිරි ලීවලින් වසන ලද්දේය.
උන්වහන්සේ සෙනඟ අතරෙහි වූ දුප්පතුන් විනිශ්චයකරන්නේය, දිළිඳුන්ගේ දරුවන් ගළවන්නේය, පීඩාකරන්නා කැබලිකරන්නේය.
මක්නිසාද ස්වාමිනි, ඔබගේ සතුරෝ, එසේය, ඔබගේ සතුරෝ, විනාශවන්නෝය; අයුතුකම්කරන සියල්ලෝම විසුරුවනු ලබන්නෝය.
රජ්ජුරුවන්ගේ ශක්තිය වනාහි යුක්තියට ප්‍රියවෙයි; සාධාරණකම පිහිටුවන්නේ ඔබය, යාකොබ්හි යුක්තියත් ධර්මිෂ්ඨකමත් සිදුකරන්නේ ඔබය.
දුෂ්ටකම්කිරීම රජවරුන්ට පිළිකුලක්ය; මක්නිසාද සිංහාසනය ස්ථිරවෙන්නේ ධර්මිෂ්ඨකමෙන්ය.
ප්‍රඥාවන්ත රජෙක් දුෂ්ටයන් විසුරුවාදමන්නේය; රෝදයක්ද ඔවුන් පිට අදින්නේය.
දුෂ්ටයා රජු ඉදිරියෙන් පහකරන්න, එවිට ඔහුගේ සිංහාසනය ධර්මිෂ්ඨකමෙන් ස්ථිරවෙයි.
දැහැමින් දුප්පතුන් විනිශ්චයකරන රජුගේ සිංහාසනය සදාටම ස්ථිරවන්නේය.
බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම්කරන්නේය, අධිපතීහුද දැහැමින් අධිපතිකම් කරන්නෝය.
මාගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවයි.