නරකය, නරකය කියා මිලයට ගන්නා කියයි; එහෙත් අහක්ව ගොස් ඔහු පාරට්ටු කරගනියි.
නුඹ දිළිඳු නොවන පිණිස නින්දට ඇලුම් නොවන්න; නුඹේ ඇස් ඇර සිටින්න, එවිට නුඹ කෑමෙන් තෘප්තියට පැමිණෙන්නෙහිය.
රන්ද රතුකැට රාශියක්ද ඇත්තාහ; එහෙත් දැනගැන්ම ඇති තොල් අනර්ඝ මාණික්‍යයක්ය.
මෙන්න, මේක අමුතුයයි මනුෂ්‍යයන් විසින් කියන්ට කිසිවක් ඇද්ද? ඒක අපට පළමුවෙන්වූ පුරාණ කාලවල තිබුණේය.
කාලය පැමිණ තිබේ, දවස ළංවී තිබේ. මිලේට ගන්නා ප්‍රීති නොවේවා, විකුණන්නා නොවැලපේවා. මක්නිසාද කෝපය එහි මුළු සමූහයා පිට තිබේ.
මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.