Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හිතෝපදේශ 2:6

Sinhala Revised Old Version

මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

32 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ සාලමොන්ගේ සිතේ තබා තිබුණු ඔහුගේ ප්‍රඥාව අසන පිණිස සකල දේශවාසීහු ඔහු වෙතට ආවෝය.

මම නුඹේ වචනය ලෙස කෙළෙමි. නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි.

එබැවින් ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව; මක්නිසාද ඔබගේ මේ මහත් සෙනඟ විනිශ්චයකරන්ට කවරෙකුට පුළුවන්දැයි කීවේය.

දෙවියන්වහන්සේ ඉතා මහත් ප්‍රඥාවකුත් ඥානයකුත් මුහුදු වෙරළේ වැල්ලමෙන් විශාලවූ සිහියකුත් සාලමොන්ට දුන්සේක.

එසේය, නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව රක්ෂාකරන පිණිස නුඹට නුවණත් බුද්ධියත් දී, ඉශ්‍රායෙල් ගැන භාරයක් නුඹට දෙනසේක්වා.

එස්රා, නුඹ වනාහි ගඟ එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චයකරන පිණිස නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් දන්නාවූ විනිශ්චයකාරයන්ද නඩුකාරයන්ද නුඹේ අතේ තිබෙන නුඹේ දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ලෙස පත්කරන්න; ඒවා නොදන්න අයට උගන්වන්න.

පෙළපත් වශයෙන් ගණන් කරන පිණිස උත්තමයන්ද මුලාදෑනීන්ද සෙනඟද රැස්කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිත පෙළෙඹවුසේක. පළමුවෙන්ම ආ අයින්ගේ පෙළපත් ලේඛනය මට සම්බවිය,

ප්‍රඥාවත් බලයත් ඇත්තේ උන්වහන්සේ වෙතය; මන්ත්‍රණය හා නුවණ ඇත්තේ උන්වහන්සේටය.

බලයත් සමර්ථකමත් තිබෙන්නේ උන්වහන්සේ වෙතය; මුළාවෙන්නාත් මුළාකරන්නාත් උන්වහන්සේට අයිතිය.

උන්වහන්සේගේ මුඛයෙන් ව්‍යවස්ථාව පිළිගෙන, උන්වහන්සේගේ වචන නුඹේ හිතේ තබාගන්න.

එහෙත් මනුෂ්‍යයා තුළ ආත්මයක් ඇත්තේමය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්මද ඔවුන්ට ඥානය දෙන්නේය.

ඔබගේ නියෝගවලින් මට නුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.

මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි; එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි.

ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත්කරයි; මක්නිසාද ඒවා නිතර මා සමඟය.

ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය.

ස්වාමීන්ගේ පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය.

බැලුව මැනව, අධ්‍යාත්මයෙහි සත්‍යතාවට ඔබ කැමැතිවනසේක. අප්‍රකාශවූ හෘදයෙහි ඔබ මට ඥානය දැනගන්ට සලස්වනසේක.

ජාතීන්ට දඬුවම්කරන තැනන්වහන්සේ, එනම් මනුෂ්‍යයාට ඥානය උගන්වන්නාවූ තැනන්වහන්සේ, දඬුවම් නොකරනසේක්ද?

දක්ෂ කර්මාන්ත යෝජනාකර රනින්ද රිදීයෙන්ද පිත්තලෙන්ද වැඩ කිරීමටත්,

මක්නිසාද නපුරු ස්ත්‍රියගෙන්ද අන් තැනැත්තියෙකුගේ දිවේ ඉච්චාවෙන්ද නුඹ ආරක්ෂාකරන පිණිස

දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පව්කාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.

නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.

ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු! ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන්වීමක් නැත.

මේ යෞවනයන් සතරදෙනාට නම් දෙවියන්වහන්සේ සියලු ආකාර ලියවිලි ගැනත් ශාස්ත්‍ර ගැනත් දැනගැන්මද ඥානයද දුන්සේක. දානියෙල්ට සියලු දර්ශනද ස්වප්නද සම්බන්ධ තේරුම තිබුණේය.

කාලවල්ද ප්‍රස්තාවල්ද වෙනස්කරන්නෙත් රජවරුන් පහකරන්නෙත් රජවරුන් පත්කරන්නෙත් ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තන්ට දැනුමද දෙන්නෙත් උන්වහන්සේය.

මාගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, ඔබ මට ප්‍රඥාවත් බලයත්දී, අප ඔබගෙන් විචාළ කාරණය දැන් මට දන්වාදුන් බැවින් ඔබට ස්තුතිකරමි, ප්‍රශංසාකරමි. මක්නිසාද ඔබවහන්සේ රජුගේ කාරණය අපට දැන්වූසේකැයි කීවේය.

මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.

සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.

සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.

නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්