එසේම අන්‍ය ස්ත්‍රියෙක් වන, තමාගේ වචනවලින් ඉච්චාකරන්නාවූ, තම යෞවන වයසේ මිත්‍රයා අත්හරින්නාවූ,
අන් ස්ත්‍රීන්ගේ මුඛය ගැඹුරු වළක්ය; එහි වැටෙන්නේ ස්වාමීන්වහන්සේ කෝපකරවන තැනැත්තේය.
මක්නිසාද වේශ්‍යාවක් වනාහි ගැඹුරු අගළක්ය; අන් ස්ත්‍රියද පටු වළක්ය.
බොරුකාර දිව එයින් තුවාලවූවන්ට වෛරකරයි; ඉච්චා මුඛයද නාස්තිය උපදවයි.
තමාගේ අසල්වාසියාට ඉච්චාකරන්නා ඔහුගේ පාදවලට දැලක් එළයි.
ආඥාව පහනක්ය; උපදේශය එළියක්ය; ගුරුකමේ අවවාද ජීවනයේ මාර්ගයෝය.
එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.
ඔවුන්ගේ මංගල්‍යය පැවතුණ සත් දවස තිස්සේම ඈ ඔහු ඉදිරියෙහි ඇඬුවාය. ඈ ඔහුට කරච්චල්කළ බැවින් ඔහු සත්වෙනි දවසේදී ඒක ඈට කීය. ඈද ඇගේ සෙනඟගේ පුත්‍රයන්ට තේරුම කීවාය.