වංචාකාර තොල් ඇති අඥානයෙකුට වඩා තමාගේ අවංකකමෙන් හැසිරෙන දිළින්දා උතුම්ය.
මම වනාහි නිර්දෝෂකමින් හැසිරෙන්නෙමි. මා මුදා මට කරුණාකළ මැනව.
දවස මුළුල්ලේ ඔහු කරුණාවෙන් ක්‍රියාකරමින් ණයට දෙයි; ඔහුගේ වංශයද ආශීර්වාද ලබයි.
ධර්මිෂ්ඨයා තම අසල්වාසියාට මගපෙන්වන්නෙක් වේ; එහෙත් දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළාකරයි.
තමාගේ සෘජුකමෙන් හැසිරෙන්නා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවෙන්නේය; එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ සුළුකොට සලකන්නේය.
කරදර ඇතුව බොහෝ වස්තු ඇතිවීමට වඩා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඇතුව ස්වල්පයක් හොඳය.
අයුක්තිය ඇතුව බොහෝ සම්පත්වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව ස්වල්පයක් හොඳය.
මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය; බොරුකාරයෙකුට වඩා දිළින්දෙක් උතුම්ය.
තමාගේ ඇදනැතිකමින් හැසිරෙන්නා ධර්මිෂ්ඨයෙක්ය, ඔහුට පසු ඔහුගේ දරුවෝ වාසනාවන්තයෝ වෙති.
වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙකුට වඩා තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳය.
වංචා මුඛය නුඹෙන් පහකොට, වංක තොල් නුඹෙන් දුරුකරන්න.
මක්නිසාද නුඹලාගේ අත් ලෙයින්ද නුඹලාගේ ඇඟිලි අපරාධකමෙන්ද කිලුටුවී තිබේ; නුඹලාගේ තොල් බොරු කීවේය, නුඹලාගේ දිව් දුෂ්ටකම් නික්මවන්නේය.
යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද?
ඒ නිසා දැන් ඔබ ඒ දැනගන කුමක් කටයුතුදැයි කල්පනාකළ මැනවි; මක්නිසාද අපේ ස්වාමියාටත් ඔහුගේ මුළු පවුලටත් විරුද්ධව අනතුරක් නියමකර තිබේ. ඔහු වනාහි යමෙකුට ඔහු සමඟ කථාකරන්ට බැරි තරම් දුර්ජනයෙක්යයි කීය.
මාගේ ස්වාමිනි, ඒ දුර්ජන මනුෂ්‍යයාවූ නාබල් ගැන නොසැලකුව මැනවි. ඔහුගේ නාමය යම්සේද ඔහුගේ ගතියත් එසේමය; ඔහුගේ නම නාබල්ය, මෝඩකම ඔහු තුළ තිබේ. එහෙත් ඔබගේ මෙහෙකාරීවූ මම මාගේ ස්වාමිවූ ඔබ විසින් එවූ යෞවනයන් නුදුටිමි.