පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ,
ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය; දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය.
උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.
විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.
වස්තුකාරයා තෙමේ ප්‍රඥාවතෙකැයි සිතන්නේය; එහෙත් තේරුම් ඇති දිළින්දා ඔහු සොයා බලා තේරුම්ගනියි.
මක්නිසාද මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.
මනුෂ්‍යයන්ගේ මළකඳන් කෙත් පිට කසළ මෙන්ද ගොයම් කපන්නාට පස්සෙන් ගොයම් මිටි මෙන්ද වැටෙනවා ඇත, කිසිවෙක් ඒ එකතු නොකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
අපේ සතුරන්ගේ විනිශ්චයේ හැටියට පවා, ඔවුන්ගේ පර්වතය අපේ පර්වතයමෙන් නොවේ.