නපුර කරන්නා දුෂ්ට තොල්වලට ඇහුම්කන්දෙයි; බොරුකාරයා ප්‍රයෝගකාර දිවට කන් යොමුකරයි.
දෙවියන්වහන්සේ අභක්තිකයාට මා පාවාදෙනසේක; දුෂ්ටයන්ගේ අත්වලට මා වීසිකරනසේක.
නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.
ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති; එහෙත් ව්‍යවස්ථාව පවත්වන්නෝ ඔවුන්ට විරුද්ධව සිටිති.
ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:
අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?
එබැවින් ලෝකයෙන් වූවාක්මෙන් කථාකරති, ලෝකයාද ඔවුන්ගේ වචන අසති.