මෝඩයෙක් පවා නිශ්ශබ්දව සිටින විට ප්‍රඥාවන්තයෙකු මෙන්ද, ඔහු තමාගේ තොල් පියාගන සිටිනවිට තේරුම් ඇත්තෙකු මෙන්ද සලකනු ලැබේ.
නුඹලා නිශ්ශබ්දවම සිටියොත් හොඳය. එය නුඹලාට ප්‍රඥාව වන්නේය.
එසේ ඔවුන් කථානොකර, තවත් උත්තරනොදී, නිකම් සිටින නිසා මම බලා සිටිම්ද?
ප්‍රඥාවන්තයන්ගේ දිව දැනගැන්ම හරිලෙස කියාදෙයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම වගුරුවයි.
තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.
අඥානයා වචන වැඩිකරයි. මනුෂ්‍යයා මතු සිදුවන දේ නොදනියි; ඔහුට පසුව සිදුවන දේ ඔහුට දන්වන්නේ කවුද?
එසේය, මෝඩයා මාර්ගයෙහි යන විට ඔහුගේ සිහිය මදිවී, තමා මෝඩයෙක්යයි සියල්ලන්ට කියන්නේය.
මක්නිසාද ස්වප්නය කාරණා රාශියක්ද අඥානයාගේ හඬ වචන රාශියක්ද ඇතුව පැමිණෙන්නේය.