Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හිතෝපදේශ 17:14

Sinhala Revised Old Version

ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

28 හුවමාරු යොමු  

එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ රජු ළඟට අවුත් රජුට කථාකොට: අපේ සහෝදරවූ යූදා මනුෂ්‍යයන් ඔබ හොරෙන් අඬගසාගන රජුද ඔහුගේ ගෙයි වැසියන්ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මනුෂ්‍යයන්ද යොර්දානෙන් මෙගොඩට ගෙනාවේ මක්නිසාදැයි ඇසුවෝය.

අබියාද ඔහුගේ සෙනඟද මහත් මැරීමකින් ඔවුන් මැරුවෝය. තෝරාගත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පන්ලක්ෂයක් මැරුම්කා වැටුණෝය.

රෙමලියාගේ පුත්‍රවූ පෙකා බලවන්තයන්ව සිටි එක්ලක්ෂ විසි දහසක් එක දවසේ යූදාහිදී මැරුවේය; මෙසේ වුණේ ඔවුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.

උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.

කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.

මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.

බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය.

ඩබරයට ප්‍රියවෙන්නා වරදට ප්‍රියවෙයි; තමාගේ දොරකඩ උස්කොට සාදන්නා විනාශය සොයයි.

සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය.

තරඟයෙන් වැලකී සිටීම මනුෂ්‍යයෙකුට ගෞරවයකි; එහෙත් හැම මෝඩයෝම ඩබරකරති.

නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න, ගියොත්, අන්තිමේදී නුඹේ අසල්වාසියා නුඹ ලජ්ජාවට පත්කළාම, නුඹ කරන්නේ කුමක්ද?

ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය.

තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; කෝපවෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය.

පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.

පිටත සිටින්නන් ගැන ඔබිනලෙස හැසිරෙන පිණිසත් කිසි හිඟයක් නැතුව සිටින පිණිසත්,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්