ඔහු ප්‍රයෝග යොදන පිණිස තමාගේ ඇස් පියාගන, තමාගේ තොල් විකාගන නපුර පමුණුවයි.
ඇසින් ඉඟිකරන්නා දුක් උපදවයි; එහෙත් දොඩවන මෝඩයාද හෙළාදමනු ලැබේ.
දුර්ජන මනුෂ්‍යයා නපුරු උපා යොදයි; ඔහුගේ තොල්වල ඇවිළෙන ගිනිවැන්නක් තිබේ.
බලාත්කාර මනුෂ්‍යයා තමාගේ අසල්වාසියා කැමතිකරවාගෙන, හොඳ නැති මාර්ගයක ඔහු ගෙනයන්නේය.
පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක්ය, එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බවෙයි;
මේ සෙනඟ තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් තේරුම් නොගෙන, නොහැරී සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරන්නැයි කීසේක.
නපුර වීර්යයෙන් කරන්ට දෑත පොවා තිබේ; අධිපතියාද විනිශ්චයකාරයාද තෑග්ගක් ඉල්ලති; උත්තමයාද තමාගේ සිතේ නපුරු ආශාව කියයි. එසේ ඔව්හු ඒක යොදාගනිති.
මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිතියි යනුයි.
නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති.