ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා, ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතුකරයි.
ප්‍රඥාවතෙක් සුළඟ වැනි හිස්වූ දැනගැන්මෙන් උත්තරදෙමින්, නැගෙනහිර සුළඟින් තමාගේ ළය පුරවාගන්නේද?
ඔව්හු නුඹට උගන්වා නුඹට කියාදී, තමුන්ගේ සිතින් නික්මෙන වචන නොකියන්නෝද?
යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි. මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ.
ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරුකම් වගුරුවයි.
ප්‍රඥාවන්තයන්ගේ තොල් දැනගැන්ම පතුරුවයි; එහෙත් අඥානයන්ගේ සිත ස්ථිර නැත.
සිතින් ප්‍රඥාවත් අය බුද්ධිමත් කෙනෙකැයි කියනු ලබන්නේය; තොල්වල මිහිරිකමින්ද ඉගෙනගැන්ම වැඩිවේ.
නුවණ ඇත්තාට ඒක ජීවන උල්පතක්ය; එහෙත් අඥානයන්ගේ ගුරුකම මෝඩකමය.
මාගේ ප්‍රඥාවට ඇහුම්කන්දී, මාගේ ඥානයට නුඹේ කන නමන්න.
ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.