යුතු තුලාවක්ද තරාදිද ස්වාමීන්වහන්සේට අයිතිය; මල්ලේ තිබෙන සියලු කළන්පඩිද උන්වහන්සේගේ වැඩය.
හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය.
ද්වීප්‍රකාර කළන්පඩිද ද්වීප්‍රකාර මිමිද යන දෙවගේම ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
ද්වීප්‍රකාර කළන්පඩි ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; හොර තරාදි හොඳ නැත.
හරි තරාදිද හරි ඒඵාවක්ද හරි බාත් මිම්මක්ද නුඹලාට තිබේවා.
වෙළෙන්දෙක් වන ඔහුගේ අතේ හොර තරාදි තිබේ. ඔහු ප්‍රයෝගකරන්ට කැමැතිය.
ඒඵාව කුඩාකර, ෂෙකෙල මහත්කර, හොර තරාදිවලින් වංචාකම්කරන්නාවූ, දුප්පතුන් රිදීවලටද දිළින්දා වහන් සඟළකටද ගන්ටත් බොල් ධාන්‍ය විකුණන්ටත් ලැබෙන හැටියට,
දුෂ්ටකමේ තරාදි සහ හොර කළන් පඩි මල්ලකුත් තබාගන සිටිද්දී මට නිදොස්කමක් ඇද්ද?