Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හිතෝපදේශ 15:4

Sinhala Revised Old Version

ශාන්තිදායක දිව ජීවන වෘක්ෂයක්ය; එහෙත් එහි වංචාව ආත්මය පොඩි කිරීමක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

15 හුවමාරු යොමු  

මක්නිසාද මම දුප්පත්මි, දිළින්දෙමි, මාගේ සිත මා තුළේ තුවාලවී තිබේ.

ධර්මිෂ්ඨයාගේ මුඛය ජීවන උල්පතක්ය; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසයි.

කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.

ස්වාමීන්වහන්සේගේ ඇස් සෑමතැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන්නේය.

මෝඩයා තමාගේ පියාගේ උපදෙස් සුළුකරයි; එහෙත් අවවාදය සලකන්නා නුවණ ලබාගනියි.

ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.

මනුෂ්‍යයෙකුගේ ආත්මය තමාගේම දුක උසුලන්නේය; එහෙත් බිඳුණු ආත්මය දරන්ට පුළුවන් කාටද?

කේලාම්කියන්නෙකුගේ වචන රසවත් බොදුන් මෙනි; ඒවා බඩ තුළටම බැසයයි.

කේලාම්කියන්නෙකුගේ වචන රසවත් භෝජන මෙනි; ඒවාත් බඩ තුළටම බැසයන්නේය.

ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය.

නුමුත් මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය; නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය.

යමෙක් සාරවූ වචනවලට, එනම් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියටවූ ධර්මයටත් එකඟ නොවී, වෙනස් ධර්මයක් උගන්වන්නේ නම්,

ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්