Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හිතෝපදේශ 15:18

Sinhala Revised Old Version

තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

21 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ යූදා මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජුගෙන් දස කොටසක් අපට තිබේ, දාවිත්ගෙනුත් නුඹලාට වඩා අයිතිකම අපට ඇත්තේය. නුඹලා අප සුළුකොට සිතුවේ මක්නිසාද? රජු නැවත ගෙනෙන්ට පළමුකොට කථාකළේ අප නොවේදැයි කීවෝය. නුමුත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ වචනවලට වඩා යූදා මනුෂ්‍යයන්ගේ වචන සැරව තිබුණේය.

වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.

කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.

මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.

අලසයාගේ මාර්ගය කටු වැටක් වැනිය; එහෙත් අවංක අයගේ මාවත මහ පාරක්ය.

රජුගේ උදහස මරණයේ දූතයන් වැනිය; එහෙත් ප්‍රඥාවත් මනුෂ්‍යයා එය සහනයකරන්නේය.

ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාම්කියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය.

තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න; කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැවසෙන්න.

ඉවසිලිවන්තකමෙන් ආණ්ඩුකාරයෙකු නමාගත හැක, මොළොක් දිවෙන් ඇට බිඳෙයි.

ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය.

ගිජු සිත් ඇත්තා තරඟය උපදවයි; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා පුෂ්ටිමත් වෙයි.

තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; කෝපවෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය.

ආණ්ඩුකාරයාගේ සිත නුඹට විරුද්ධව ඇවිස්සුණොත්, නුඹේ ස්ථානය අත්හැර නොයන්න; මක්නිසාද මෘදුකමෙන් ලොකු වැරදි වැලකීයයි.

සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්