වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.
වචන රාශියට උත්තරදිය යුතු නොවේද? නොහොත් අධික කථාකාරයාම නිර්දෝෂ වේද?
මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.
තමාගේ අසල්වාසියා හෙළාදකින්නා නුවණ නැත්තෙකි; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා නිශ්ශබ්දව සිටියි.
කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරයි; එහෙත් විශ්වාස සිතක් ඇත්තා කාරණය සඟවයි.
බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය; එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශකරන්නේය.
මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.
නුඹ දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලාගන්න; අඥානයන් මෙන් පූජා ඔප්පුකිරීමට වඩා අසන්ට ළංවීම හොඳය. මක්නිසාද තමුන් නපුර කරන බව ඔව්හු නොදනිති.
නුඹේ මුඛයෙන් ඉක්මන්කාර නොවෙන්න, නුඹේ සිතද දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත්කරන්ට ඉක්මන් නොවේවා; මක්නිසාද දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය, නුඹ පොළොවෙහිය; ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා.
මක්නිසාද ස්වප්නය කාරණා රාශියක්ද අඥානයාගේ හඬ වචන රාශියක්ද ඇතුව පැමිණෙන්නේය.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.
මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.