ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.
උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.
ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය.
එනම් නුවණ නැත්තෙනි, නුඹලා අනුවණකමට කැමතිවන්නෙත්, නින්දාකරන්නන් නින්දාකිරීමට ප්‍රසන්නවන්නෙත්, අඥානයන් දැනගැන්මට ද්වේෂකරන්නෙත් කොතෙක් කල්ද?
ගුරුකම එපාකරන්නා තමාගේම ප්‍රාණය සුළුකරන්නේය; එහෙත් අවවාදය අසන්නා නුවණ ලබාගන්නේය.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ප්‍රඥාවේ ගුරුකමය; ගෞරවයට පළමුවෙන් යටත්කම ඇත්තේය.
මෝඩයා තමාගේ පියාගේ උපදෙස් සුළුකරයි; එහෙත් අවවාදය සලකන්නා නුවණ ලබාගනියි.
අඥානයා තමාගේ සිතිවිලි එළිදරව් කිරීමට මිස නුවණට ප්‍රසන්න නැත.
නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.
අඥානයා ඉදිරියේ කථා නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ වචනවල සාරකම සුළුකරන්නේය.
ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැන්වහන්සේ දැනගැනීම නුවණ වේ.
සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.
තවද ඔවුන් දෙවියන්වහන්සේ දැනගන්ට අකැමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවාදුන්සේක.
එබැවින් ඒවා පවත්වමින් කරන්න; මක්නිසාද මෙය මනුෂ්‍ය වර්ගයන් ඉදිරියෙහි නුඹලාගේ ප්‍රඥාවත් නුඹලාගේ නැණවත්කමත්ය, ඔවුන් මේ සියලු පනත් අසා: සැබවින්ම මේ මහත් ජාතිය ප්‍රඥාවන්තවූ නුවණ ඇත්තාවූ සෙනඟක්යයි කියනවා ඇත.