Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හබක්කුක් 1:15

Sinhala Revised Old Version

ඔහු බිළිකටුවෙන් සියල්ලන් අල්ලාගන්නේය, තමාගේ දැලෙන් ඔවුන් ඇදගන, තමාගේ අතංගුවෙන් ඔවුන් එකතුකරගන්නේය. ඉන්නිසා ඔහු ප්‍රීතිව සන්තෝෂවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

18 හුවමාරු යොමු  

සිංහයා ගුහාවේ රැක සිටින්නාක්මෙන් ඔහු අප්‍රකාශ ස්ථානයෙහි රැක සිටියි. දිළිඳා අල්ලාගන්ට මග රැකසිටියි. ඔහුගේ දැල ඇද දිළිඳා අල්ලයි.

නයිල් ගඟේ බිළිබාන සියල්ලෝ ශෝකවන්නෝය, ජලය පිට දැල් හෙළන්නෝද මලානිකවන්නෝය.

බලව, ඔවුන් අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝදෙනෙකු එවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඉන්පසු සියලු කඳුවලද සියලු හෙල්වලද පර්වත විවරවලද ඔවුන් දඩයම්කරන පිණිස බොහෝ දඩයක්කාරයන් එවන්නෙමි.

මක්නිසාද මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. බලා සිටින පක්ෂි වැද්දන් නැමෙන්නාක් මෙන් ඔව්හු රැක සිටිති; ඔව්හු මලපතක් තබා මනුෂ්‍යයන් අසුකරගනිති.

මාගේ උරුමය කොල්ලකන තැනැත්තෙනි, නුඹලා ප්‍රීති සන්තෝෂවෙන නිසාත්, ගොයම් මඩින එළනෑම්බියෙකු මෙන් පැනනගින නිසාත්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරන නිසාත්,

මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ අත්පොළසන් දී, අඩිහපා, නුඹේ මුළු උඩඟුකමින් ඉශ්‍රායෙල් දේශයට විරුද්ධව සිතෙන් ප්‍රීතිවූ බැවින්,

මනුෂ්‍ය පුත්‍රය, තීර් යෙරුසලමට විරුද්ධව කථාකොට–ඔහෝ, ජනයන්ගේ දොරටුව වන ඈ කඩා දමනු ලැබුවාය. එය මා දෙසට ඇරී තිබෙයි. ඈ පාළුකරනු ලැබ සිටින නිසා මට පූර්ණකම ඇතිවන්නේයයි කී බැවින්,

ඉශ්‍රායෙල් වංශයේ උරුමය පාළුවක් වුණ බැවින් නුඹ ඊට ප්‍රීති වුණාක්මෙන් මම නුඹට එසේම කරන්නෙමි. එම්බා සේයිර් කන්ද, නුඹ සහ මුළු ඒදොම් මුළුමනින්ම පාළුවක් වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධකම ගැන මෙසේ දිවුරා තිබේ: නුඹලාව කොකුවලින්ද නුඹලාගෙන් පැවත එන්නන් බිලිකටුවලින්ද අහකට ගෙනයන දවස් නුඹලා පිටට පැමිණෙන්නේය.

මුහුදේ මත්ස්‍යයන් මෙන්ද තමුන් කෙරෙහි ආණ්ඩුකාරයෙකු නැති බඩගායන සතුන් මෙන්ද වෙන්ට මනුෂ්‍යයන්ට සලස්වන්නෙත් මක්නිසාද?

ඇරත් මුද්‍රිකපානය ද්‍රෝහියෙක්ය, අහංකාරවූ, ගෙදර නැවතී නොසිට තමාගේ ආශාව පාතාලය මෙන් විශාලකරගන, මරණය මෙන් තෘප්තියට නොපැමිණ, තමා වෙතට සියලු ජාතීන් රැස්කර ගන්නාවූ තමා වෙතට සියලු ජනයන් එකතුකරගන්නාවූ මනුෂ්‍යයෙක්ය.

යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය.

නුමුත් අප විසින් ඔවුන්ට බාධා නොකරන පිණිස, නුඹ මුහුදට ගොස් බිළියක් බා, පළමුකොට අසුවෙන මත්ස්‍යයා ගන්න; උගේ කට හැරිය කල ෂෙකෙලයක් සම්බවන්නේය. ඒක ගෙන මා සහ නුඹ උදෙසා ඔවුන්ට දෙන්නැයි කීසේක.

මේ ප්‍රොපේතවරුන් දෙදෙන පොළොවේ වසන්නන්ට වධකළ නිසා, පොළොවේ වසන්නෝ ඔවුන් ගැන ප්‍රීතිව සන්තෝෂවෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්