Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හග්ගයි 2:22

Sinhala Revised Old Version

මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

38 හුවමාරු යොමු  

ජාතියක් කරණකොටගෙන ජාතියක්ද නුවරක් කරණකොටගෙන නුවරක්ද පොඩිකරනු ලැබුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන් පෙළූසේක.

ඔවුන් ප්‍රීති ඝෝෂාවද ප්‍රශංසාවද පටන්ගත් වේලාවේදී යූදාට විරුද්ධව ඇවිත් සිටි අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ටද සෙයිර් කඳුකරයේ වැසියන්ටද විරුද්ධ ස්වාමීන්වහන්සේ රැක සිටින සේනාවක් සිටෙවුසේක; ඔව්හු පැරදුණෝය.

මක්නිසාද අම්මොන් සහ මෝවබ් පුත්‍රයන් සෙයිර් කඳුකරයේ වැසියන් සිඳදමා විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව නැගිට්ටෝය. සෙයිර් වැසියන් මුළුමනින්ම නැතිකළායින් පසු ඔව්හු එකෙක් අනිකෙකු විනාශකරන්ට උපකාරවූහ.

උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.

යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ තරවටුකිරීමෙන් රථ සේනාව සහ අසරුවෝ බර නින්දට හෙළනු ලැබුවෝය.

බලව, මම වනාහි මිසරවරුන්ගේ සිත් දැඩිකරන්නෙමි, ඔව්හු මොවුන් පස්සේ යන්නෝය. මම ඵාරාවෝද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ රථ සහ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලබන්නෙමි.

ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය.

මක්නිසාද ඵාරාවෝගේ අශ්වයෝ ඔහුගේ රථ සහ අසුරුවන් සමඟ මුහුද තුළට ගියෝය, ස්වාමීන්වහන්සේ සමුද්‍ර ජලධාරාවන් ඔවුන් පිටට හැරෙවුසේක; එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදින් ගියෝය.

ඵාරාවෝගේ රථ සහ ඔහුගේ සේනාව උන්වහන්සේ මුහුදට හෙළූසේක. ඔහුගේ තෝරාගත් සේනාපතියෝ රතු මුහුදෙහි කිඳාගියෝය.

එකිනෙකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ යහළුවාටත් විරුද්ධවද නුවරක් නුවරකටත් රාජ්‍යයක් රාජ්‍යයකටත් විරුද්ධවද යුද්ධකරන ලෙස මම මිසරය මිසරයටම විරුද්ධව පොළඹවන්නෙමි.

මක්නිසාද නුඹට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැතිවන්නේය; එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශවන්නෝය.

සේනාවල ස්වාමීන්වහන්සේගේ උදහසින් දේශය දාලා ගියාය. සෙනඟද ගින්නට දර මෙන් වෙති; කිසිවෙක් තමාගේ සහෝදරයාට කරුණා නොකෙරෙයි.

පෙරළාදමන්නෙමි, පෙරළාදමන්නෙමි. පෙරළාදමන්නෙමි. අයිතිවාසිය ඇති තැනැත්තා එන තුරු ඒකත් තවත් නොවන්නේය; මම ඒක ඔහුට දෙන්නෙමි.

එකල මුහුදේ සියලුම අධිපතීහුද තමුන්ගේ සිංහාසනවලින් බැස, තමුන්ගේ සළු අහක තබා, තමුන්ගේ විසිතුරු වස්ත්‍ර ගළවාදමා, වෙවුලුම් [නැමති වස්ත්‍ර] ඇඳ බිම හිඳගෙන, මොහොතින් මොහොත වෙවුලමින්, නුඹ ගැන විස්මපත් වන්නෝය.

මාගේ සියලු කඳු පිට ඔහුට විරුද්ධව පැමිණෙන්ට කඩුවට අඬගසන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එක එක මනුෂ්‍යයාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධව වන්නේය.

තෙපි අශ්වයන්ගෙන්ද අසරුවන්ගෙන්ද බලවතුන්ගෙන්ද සියලු යුද්ධකාරයන්ගෙන්ද මාගේ මේසය ළඟ තෘප්තියට පැමිණෙන්නහුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

ඔහු තමාගේ නුවණින් තමාගේ අතේ උපාය සඵලකරගන්නේය; ඔහු තමාගේ සිතින් උසස්වී, බොහෝදෙනෙක් නොදැනුවත්ව සිටිද්දී ඔවුන් නැතිකරන්නේය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධවද නැගිටිනවා ඇත; නුමුත් අතක බලය නැතුව ඔහු කඩාදමනු ලබන්නේය.

දුනුවායා සිටින්නේවත් ශීඝ්‍ර පාද ඇත්තා ගැළවීයන්නේවත් අශ්වයා පිට නැගීයන්නා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත.

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි මම නුඹ වෙතින් නුඹේ අශ්වයන් සිඳදමා, නුඹේ රථ විනාශකරන්නෙමි.

ඇහුම්කන් නුදුන්නාවූ ජාතීන් පිටට උදහසෙනුත් කෝපයෙනුත් ප්‍රතිඵල දෙන්නෙමි.

තවද යාකොබ්ගේ ඉතිරි අය ජාතීන් අතරෙහිද බොහෝ ජනයන් මැදද කැලෑවේ මෘගයන් අතරෙහි සිටින සිංහයෙකු මෙන්ද බැටළු රැළවල් අතරට වන කල්හි ගළවන්ට කිසිවෙකු නැතුව උන් පාගා ඉරාදමන තරුණ සිංහයෙකු මෙන්ද සිටිනවා ඇත.

ඔබගේ අතද ඔබගේ එදිරිකාරයන්ට වඩා උසස් වේවා, ඔබගේ සියලු සතුරෝද සිඳදමනු ලබත්වා.

ජාතීන් දැක තමුන්ගේ මුළු බලවන්තකම ගැන ලජ්ජාවට පත්ව, අතින් කට වසාගන්නවා ඇත, ඔවුන්ගේ කන් බිහිරි වෙනවා ඇත.

එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලාසිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතු කොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය; එසේය, මාගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශවන්නේය.

විපත්තිය නැමති මුහුද මැදින් එන විට උන්වහන්සේ මුහුදේ රැළවලට ගසනවා ඇත, නයිල් ගංගාවේ සියලු ගැඹුරු තැන්ද හිඳීයනවා ඇත. අෂූර්හි උඩඟුකම පහත්වී, මිසරයේ ජයකොන්තයද පහවෙනවා ඇත.

ඔවුන් බලවතුන්ව, යුද්ධයේදී සතුරන් වීථිවල මඩේ පාගා දමා, ස්වාමීන්වහන්සේ ඔවුන් සමග සිටින නිසා සටන්කර, අශ්වයන් පිට නැගීයන්නන් ලජ්ජාවට පමුණුවනවා ඇත.

තවද ඒ කාලයේදී යෙරුසලමට විරුද්ධව එන සියලු ජාතීන් විනාශකරන්ට සොයන්නෙමි.

තවද ස්වාමීන්වහන්සේ පිටත්වී උන්වහන්සේ යුද්ධකළ සටනේ දවසේදී මෙන් ඒ ජාතීන්ට විරුද්ධව යුද්ධකරනවා ඇත.

එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

මම එප්‍රායිම් කෙරෙන් රථයද යෙරුසලමෙන් අශ්වයාද සිඳදමන්නෙමි, යුද්ධ දුන්නද සිඳිනු ලබන්නේය; උන්වහන්සේද ජාතීන්ට සමාදානය ප්‍රකාශකරනසේක. උන්වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේය.

මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.

සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.

ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.

බෙන්යමින් ගිබියාහි සාවුල්ගේ රැකවල්ලු බැලූ විට ඒ සමූහයා අඩුවෙවී ඔබ මොබ විසිර යනවා දුටුවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්