දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ නවවෙනි මාසයේ විසිහතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ:
දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ, යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල් වෙතටත් උත්තම පූජකවූ යෙහෝශාදාක්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතටත් පැමිණ මෙසේ කීය.
ඔව්හු දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ විසිහතරවෙනිදා ඇවිත් තමුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි වැඩය කළෝය.
අද දවස වන නවවෙනි මාසයේ විසිහතරවෙනිදා පටන් මත්තට සිතට ගන්න, එසේය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවේ අත්තිවාරම තැබූ දවසේ පටන් සිතට ගන්න.
තවද මාසයේ විසිහතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය දෙවෙනි වර හග්ගයි වෙතට පැමිණ මෙසේ කීය.
දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ: