එකල ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ:
එකල අනාගතවක්තෘවූ හග්ගයිද ඉද්දෝගේ පුත්‍රවූ සෙකරියාද යන අනාගතවක්තෘවරු යූදාහිද යෙරුසලමෙහිද සිටි යුදෙව්වරුන්ට අනාගතවාක්‍ය කීවෝය. ඔව්හු ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට අනාගතවාක්‍ය පැවසුවෝය.
දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ, යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල් වෙතටත් උත්තම පූජකවූ යෙහෝශාදාක්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතටත් පැමිණ මෙසේ කීය.
සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට නිසි කාලය පැමුණුණේ නැතැයි මේ සෙනඟ කියතියි කීසේක.
මේ ගෘහය පාළුව තිබෙද්දීම ඇතුළත ලෑලිවලින් වසා තිබෙන නුඹලාගේ ගෙවල්වල වාසයකිරීමට නුඹලාට මෙය නිසි කාලයද?
දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ: