Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හග්ගයි 1:11

Sinhala Revised Old Version

මම දේශය හා කඳුද ගොයමද මිදියුසද තෙල්ද භූමියෙන් අටගන්න දේවල්ද මනුෂ්‍යයන්ද සිව්පාවුන්ද සියලු හස්තකර්මද පිටට නියඟයක් එන්ට අණකෙළෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

13 හුවමාරු යොමු  

තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.

තවද එලිෂා විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවුට ඔහු කථාකොට: නුඹේ ගෙයි වැසියන් සමඟ නුඹ පිටත්ව ගොස් නුඹට සිටින්ට පුළුවන් තැනක සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සාගතයක් නියමකර තිබේ; එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනවා ඇතැය කීවේය.

උන්වහන්සේ ශාන්තිය දෙන විට වරද තබන්නේ කවුද? උන්වහන්සේ තමන් මුහුණ සඟවන විට එය දකින්නේ කවුද?

යූදා වැලපෙයි, එහි දොරටුද මලානිකවෙයි; කළු ඇඳගෙන ඔව්හු බිම හිඳිති; යෙරුසලමේ කෑගැසීමද නැගී ගියේය.

මා සුසුම්ලනවා ඔව්හු ඇසුවෝය; මා සනසන්ට කෙනෙක් නැත; මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝය; ඔබ ඒක කළ නිසා ඔව්හු සතුටුවෙති. ඔබ ප්‍රකාශකළ දවස ඔබ පමුණුවන සේක, ඔව්හුද මා හා සමානවන්නෝය.

උන්වහන්සේ නම් හත්දින්නද මුවසිරසද සෑදුවාවූ, මරණ සෙවණ උදයේ එළියට හරවන්නාවූ, දවාල රාත්‍රිය මෙන් අන්ධකාරකරන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝ තලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.

ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, ගින්නෙන් ප්‍රතිඵලදීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ අඬගැසූසේක. ඊට මහත් ගැඹුර සහ භූමි කොටසක් දාගියේය.

උන්වහන්සේ තමන්ගේ උඩුමහල් අහස පිට ගොඩනගා, තමන්ගේ අහස් කුහරය පොළොව පිට පිහිටුවා තිබෙන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝතලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.

ගොයම් වියළීයාමෙන්ද ගොයම් රෝගයෙන්ද ගල් වර්ෂාවෙන්ද නුඹලාගේ අත්වල සියලු වැඩවලදී නුඹලාට පහරදුනිමි; එහෙත් නුඹලා මා වෙතට හැරුණේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

බීජ තවම අටුවෙහිද? එසේම මිදිවැලත් අත්තික්කා ගසත් දෙළුම් ගසත් ඔලීව ගසත් තවම ඵල දුන්නේ නැත; අද පටන් මම නුඹලාට ආශීර්වාදකරන්නෙමියි කීසේක.

නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජනකරන්නෙමි; කෙතේ නුඹලාගේ මිදිවැලත් අකාලයේ එහි ඵල නොහෙළන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

ශාපය නුඹලා පිටට පැමිණ තිබේ; මක්නිසාද නුඹලා, එනම් මේ මුළු ජාතිය, මගෙන් කොල්ලකන්නහුය.

ස්වාමීන්වහන්සේ ක්ෂයරෝගයෙන්ද උණෙන්ද උෂ්ණයෙන්ද දැවිල්ලෙන්ද කඩුවෙන්ද ගොයම් වියළීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹට පහරදෙනසේක; නුඹ නැතිවීයන තුරු ඒවා නුඹ එළවාගන එනවා ඇත.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්