සෙකරියා 8:13Sinhala Revised Old Versionඑම්බා යූදා වංශය, එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් නුඹලා ආශීර්වාදයක් වෙන හැටියට මම නුඹලා ගළවන්නෙමි. භය නොවෙන්න, නුඹලාගේ අත් බලවත් වේවා. පරිච්ඡේදය බලන්න |
මිසර දේශයෙහි පොරොත්තුව සිටීමට එහි පැමිණෙන්ට තමුන්ගේ මුහුණ හරවාගත්තාවූ ඉතිරිව සිටින යූදාවරුන් අල්ලාගන්නෙමි, ඔවුන් සියල්ලෝ නාස්තිවන්නෝය; ඔවුන් සියල්ලෝම මිසර දේශයේදී නැතිවීයන්නෝය; ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද නාස්තිවන්නෝය; කුඩා අය පටන් ලොකු අය දක්වා ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද මැරෙන්නෝය. ඔව්හු ඇවීමක් හා විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නෝය.