එවිට මම මාගේ ඇස් ඔසවා බලා, ස්ත්‍රීන් දෙදෙනෙක් එනවා දුටිමි, ඔවුන්ගේ පියාපත්වල හුළඟ තිබුණේය; කනකොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබුණේය. ඔව්හු අහසටත් පොළොවටත් අතරේ ඒඵාව උස්සාගෙන ගියෝය.
එහි කුරුල්ලෝ කූඩු සාදාගනිති. මානකොකාගේ ගෙය නම් දේවදාර ගස්ය.
එසේය, ආකාශයේ මානකොකා උගේ කාලයන් දනියි; කොබෙයියාද වැහිලිහිණියාද කොකාද උන්ගේ ඊමේ කාලය දැන සිටිති; නුමුත් මාගේ සෙනඟ ස්වාමීන්වහන්සේගේ විනිශ්චය නොදනිති.
හොරණෑව නුඹේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.
පක්ෂීන් අතරෙන් නුඹලා විසින් පිළිකුල්කළ යුතු වන්නේ මේ සත්තුය; උන් නොකෑ යුතුය, උන් පිළිකුලක්ය–එනම් රාජාලියාද මහ ගිජුලිහිණියාද මුහුදු උකුස්සාද;
මානකොකාද ඒ ඒ වර්ගයේ කොක්කුද හුපුවාද වවුලාද යන උන්ය.
එවිට මම: ඒඵාව ඔවුන් කොතනට ගෙනයනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි.
යම් තැනක මළකුණ ඇත්තේද එතැන ගිජුලිහිණියෝ රැස්වන්නෝය.
මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ,