එවිට මා සමග කථාකළ දූතයා පිටතට ඇවිත් මට කථාකොට: මේ පිටතට එන්නේ මොකද කියා නුඹේ ඇස් ඔසවා බලන්නැයි කීවේය.
උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස් දැන් උතුරු දෙසට ඔසවන්නැයි මට කීසේක. මම උතුරු දෙසට මාගේ ඇස් එසෙවු කල පූජාසනයේ දොරටුවට උතුරෙන්, ඇතුල්වෙන තැන, ඒ ජ්වලිතකම උපදවන රූපය තිබෙනවා දුටිමි.
මා සමග කථාකළ දූතයාද: නුඹ මොරගසා මෙසේ කියන්න–සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම යෙරුසලම සහ සියොන් ගැන මහත් ජ්වලිතයකින් ජ්වලිතව සිටිමි.
එවිට මම: මේවා මොනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි. මේවා යූදා සහ ඉශ්‍රායෙල්ද යෙරුසලමද විසිරෙවු අංයයි ඔහු මට කීවේය.
එවිට මම: මාගේ ස්වාමිනි, මොව්හු කවුරුදැයි ඇසුවෙමි. මා සමග කථාකළ දූතයාද: මොව්හු කවුරුද කියා මම නුඹට පෙන්වන්නෙමියි කීවේය.
එවිට මා සමග කථාකළ දූතයා පිටත්ව ගියේය, වෙන දූතයෙක් ඔහුගේ පෙරමගට ඇවිත් ඔහුට කථාකොට:
මා සමග කථාකළ දූතයා මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි මට කීවේය. මාගේ ස්වාමිනි, නැතැයි මම කීවෙමි.