නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඔහු මාගෙන් ඇසුවේය. මමද: අකුළන පොතක් ඉගිලයනවා මට පෙනෙයි; එහි දිග රියන් විස්සක්ය, පළල රියන් දසයක්යයි කීමි.
නුඹ අකුළන පොතක් රැගෙන, යොෂියාගේ දවස්වලදී මා නුඹට කථා කළදා පටන් අද දවස දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද සියලු ජාතීන්ද ගැන මා විසින් නුඹට කී සියලුම වචන එහි ලියන්න.
ස්වාමීන්වහන්සේ: ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක්දැයි මාගෙන් ඇසූසේක. ලඹයක්යයි මම කීවෙමි. එකල ස්වාමීන්වහන්සේ කථාකොට: බලව, මම නැවත තවත් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අච්චු නොකර නොසිට, ඔවුන් මැද ලඹයක් අල්ලන්නෙමි.
ස්වාමීන්වහන්සේගේ මහත් දවස ළංව තිබේ, ඒක, එනම් ස්වාමීන්වහන්සේගේ දවසේ ශබ්දය, ළංව ඉතා ඉක්මනට එන්නේය. එකල බලවතා තදලෙස කෑගසන්නේය.
නුඹට පෙනෙන්නේ මොකදැයි මාගෙන් ඇසුවේය. මමද: මුළුමනින්ම රන්මයවූ පහන් රුකක් මට පෙනෙයි; ඒකේ මුදුනේ ඒකේ භාජනයත් ඒක උඩ ඒකේ පහන් සතකුත්, ඒක උඩ තිබෙන පහන්වලට නළ සතකුත්,
තණ්හාව නිසා ඔවුන් වංචා වචනවලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය, ඔවුන්ගේ විනාශයද නිදා නොගනියි.
මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය, දෙවියන්වහන්සේද ඇගේ අපරාධ සිහිකළසේක