Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



සෙකරියා 2:2

Sinhala Revised Old Version

එවිට මම: නුඹ කොතනට යනවාදැයි ඇසීමි. යෙරුසලමේ පළල කොපමණද කියාත් දිග කොපමණද කියාත් මැන බලන පිණිසයයි මට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

මනින ලනුව තවත් දුරට ගාරෙබ් හෙල දක්වා කෙළින් ඉස්සරහට ඇදී ගොවාය දක්වා වටේට පැමිණෙයි.

උන්වහන්සේ මා එතනට පැමිණෙවු විට පිත්තලවල පෙනීම වැනි පෙනීමක් ඇති මනුෂ්‍යයෙක් තමාගේ අතේ හණ ලණුවක්ද මනින දණ්ඩක්ද ඇතුව දොරටුවෙහි සිටිනවා දුටිමි.

නුවර කොටස පිණිස පන්දහසක් පළලද විසිපන්දහසක් දිගද ඇති ඉඩමක් උපහාරයවූ ශුද්ධ කොටස ළඟ නියමකරන්න. ඒක මුළු ඉශ්‍රායෙල් වංශයට වන්නේය.

එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම අනුකම්පා ඇතුව යෙරුසලම වෙතට හැරී සිටිමි; මාගේ ගෘහය එහි ගොඩනගනු ලැබේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, ලනුවක්ද යෙරුසලම උඩ අදිනු ලබන්නේය.

එවිට මම: ඒඵාව ඔවුන් කොතනට ගෙනයනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි.

නුමුත් දැන් මා එවූ තැනන්වහන්සේ ළඟට යමි; කොතැනට යනසේක්දැයි නුඹලාගෙන් කිසිවෙක් මාගෙන් අසන්නේ නැත.

සැරයටියක් වාගේ බටදණ්ඩක් මට දෙනලද්දේය. එවිට කෙනෙක් මට කථාකරමින්: නැගිට දෙවියන්වහන්සේගේ මාළිගාවද පූජාසනයද එහි නමස්කාරකරන්නන්ද මනින්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්