ඉශ්‍රායෙල් ගැන තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්‍යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
දෙවියන්වහන්සේ අවකාශයට අහසය කියා නම් තැබූසේක. සවස විය, උදය විය. ඒ දෙවෙනි දවසක්ය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.
උන්වහන්සේ ගුවන්තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරිනසේක, පොළොවද අවකාශයෙහි එල්ලා තබනසේක.
වාත්තු කැඩපතක් මෙන් සවි ඇති අහස උන්වහන්සේ වාගේ අතුරන්ට නුඹට පුළුවන්ද?
ඔබ වස්ත්‍රයක් මෙන් එළිය පොරවාගන්නසේක; වියනක් මෙන් ආකාශය දිගහරිනසේක.
ස්වාමීන්වහන්සේ, එසේය, අහසත් පොළොවත් මැවූ තැනන්වහන්සේ, සියොන්හි සිට නුඹට ආශීර්වාදකරන සේක්වා.
දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.
තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත් අහස වියතින් මැන්නෙත් පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත් තරාදියකින් කඳුද තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද?
පෘථිවිචක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්,
ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
නුඹේ මිදුම්කාරයාවූ, කුසේ පටන් නුඹ සෑදුවාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමිවූ මම සියල්ලම කරන්නාවූ තැනන්වහන්සේය; මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිග හරින්නාවූ, අන් කිසිවෙකු නැතුව පොළොව අතුරන්නාවූ තැනන්වහන්සේය.
පොළොව සාදා ඊ පිට මනුෂ්‍යයා මැවුවේ මමය. මා විසින්, එසේය, මාගේ අත්වලින් අහස විදහනලද්දේය, මම එහි මුළු සේනාවට නියමකෙළෙමි.
මක්නිසාද ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
එසේය, මාගේ හස්තය පොළොව පිහිටෙවුවේය, මාගේ දකුණතද අහස අතුරා තැබුවේය. මා ඒවාට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටින්නෝය.
අහස දිගඇරියාවූ, පොළොව පිහිටෙවුවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට, විනාශකිරීමට පීඩාකාරයා සූදානම්වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද නුඹ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද?
මම සදාකල්ම විවාද නොකරන්නෙමි, සෑම කල්ම උදහස්ව නොසිටින්නෙමි. එසේ සිටියොත් මා ඉදිරියෙහි ආත්මයද මා විසින් මැවූ ප්‍රාණද ක්ලාන්තවී යන්නෝය.
උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළොව සෑදූසේක, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ ඥානයෙන් අහස දිගඇරියසේක.
ඒ නිසා: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, නුඹ භය නොවන්න; ඉශ්‍රායෙල්, නොකැලඹෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද, බලව, මම නුඹ දුරස්තරයෙන්ද නුඹේ වංශය ඔවුන්ගේ වාල්කමේ දේශයෙන්ද ගළවමි; යාකොබ් හැරී ඇවිත් කිසිවෙකුගෙන් භයක් නොලැබ, නිශ්චලව සුවසේ සිටිනවා ඇත.
එහෙත් නුඹව නාස්තිකරන සියල්ලෝම නාස්තිවන්නෝය; නුඹේ එදිරිකාරයන් සියල්ලෝම වාලට යන්නෝය; නුඹෙන් කොල්ලකන්නෝ කොල්ලයක් වන්නෝය, නුඹෙන් උදුරා ගන්න සියල්ලන්ද කොල්ලයක් කොට පාවාදෙන්නෙමි.
එවිට ශෙදෙකියා රජ: මා විසින් නුඹ මරන්නේවත් නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන ඒ මනුෂ්‍යයන් අතට නුඹ පාවාදෙන්නේවත් නැතැයි මේ ප්‍රාණය අපට මවාදුන් ස්වාමීන්වහන්සේගේ ජීවිතය ගැන දිවුරමියි කියා, යෙරෙමියාට රහසින් දිවුරුම්දුන්නේය.
ඔවුන්ගේ මිදුම්කාරයා බලවත්ව සිටිනසේක; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. පොළොව නිශ්චලකරන පිණිසත් බබිලෝනියේ වැසියන් චංචල කරන පිණිසත් උන්වහන්සේ ඔවුන්ට යුක්තිය කරදෙනවාම ඇත.
උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළොව සාදා, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ බුද්ධියෙන් අහස දිගහැරියසේක.
නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.
බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව්කරන ප්‍රාණයම නසින්නේය.
යූදා දරුවන්ගේ දේශයෙහි නිදොස් ලේ වගුරුවා ඔවුන්ට කළ බලාත්කාරකම නිසා මිසරය පාළුවක්ද ඒදොම් පාළු කාන්තාරයක්ද වන්නේය.
මා විසින් නිදොස් නොකළ ඔවුන්ගේ ලේ නිදොස්කරන්නෙමි; ස්වාමීන්වහන්සේද සියොන්හි වාසය කරනවා ඇත.
හද්‍රාක් දේශය කෙරෙහි ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය, එය පිහිටෙන තැන දමස්කයය. මක්නිසාද මනුෂ්‍යයන්ගෙත් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලත් ඇස් ස්වාමීන්වහන්සේ දෙසටය.
මලාකී කරණකොටගෙන ඉශ්‍රායෙල් වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය.
එවිට ඔව්හු මුහුණින් වැටී: අහෝ, දෙවියන්වහන්ස, මාංසය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන්වහන්ස, එක මනුෂ්‍යයෙක් පව්කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස්වනසේක්දැයි කීවෝය.
තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද?