Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



සෙකරියා 1:5

Sinhala Revised Old Version

නුඹලාගේ පියවරු කොයිද? අනාගතවක්තෘවරු සැමකල්ම ජීවත්වෙද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

16 හුවමාරු යොමු  

එලිෂාට තමාගේ මරණීය ලෙඩේ වැළඳුණුවිට ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ් ඔහු වෙතට ගොස් ඔහු ළඟ සිටගන අඬා: මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි, ඉශ්‍රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවෝයයි කීය.

එලිෂා මැරී තැන්පත්කරනු ලැබුවේය. ඊළඟ අවුරුද්දේ මෝවබ්වරුන්ගේ හමුදාවල් දේශයට ඇතුල්වූවෝය.

අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.

පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුමුත් පොළොව සෑම කල්ම පවතින්නේය.

ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.

දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.

නුඹ නැවත වෙන පොතක් රැගෙන යූදාහි රජවූ යෙහෝයාකීම් දැවුවාවූ පළමු පොතේ තිබුණු ප්‍රථම වචන සියල්ලම ලියන්න.

අපේ පියවරු පව්කළෝය, ඔව්හු නැත; අපි ඔවුන්ගේ අයුතුකම් දැරුවෙමුව.

යුදෙව්වරු උන්වහන්සේට කථාකොට: නුඹට යක්ෂයෙක් ආවේශවී සිටින බව දැන් අපි දනිමුව. ආබ්‍රහම්ද අනාගතවක්තෘහුද මළෝය; යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණයේ රස නොවිඳින්නේමයයි නුඹ කියයි.

කුමක්හෙයින්ද දාවිත් දෙවියන්වහන්සේගේ මන්ත්‍රණය ලෙස තම පරම්පරාවේදී මෙහෙකළ පසු සැතපී, තමාගේ පියවරුන් ළඟ තබනලදුව, කුණුවීමට පැමුණුණේය.

තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම,

තවද සාමුවෙල් මළේය; සියලු ඉශ්‍රායෙල්වරු රැස්ව ඔහු ගැන වැලපී, රාමාහි තිබුණ ඔහුගේ නිවාසයෙහි ඔහු තැන්පත්කළෝය. දාවිත්ද පිටත්ව පාරාන් කාන්තාරයට බැස ගියේය. කර්මෙල්හි සම්පත් ඇති මනුෂ්‍යයෙක් මායොන්හි සිටියේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්