මම ජාතීන් සිඳදැමීමි, ඔවුන්ගේ පවුරු මුදුන් පාළුවී තිබේ; ඔවුන්ගේ වීථිවල කිසිවෙක් නොයන හැටියට ඒවා පාළුකෙළෙමි. ඔවුන්ගේ නුවරවල මනුෂ්‍යයෙක්වත් වැසියෙක්වත් නොසිටින ලෙස ඒවා නටබුන්වී තිබේ.
මුළු පොළොව කෙරෙහි අදහස්කර තිබෙන අදහස මේය. සෑම ජාතීන් කෙරෙහි දිගුකර තිබෙන හස්තයත් මේය.
ඒ රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන් වූය.
එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්,
මේක තේරුම්ගන්ට පුළුවන් ප්‍රඥාවන්තයා කවුද? ප්‍රකාශකරන පිණිස මෙය ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් කියනු ලැබුවේ කාටද? කිසිවෙක් දේශය මැදින් නොයන ලෙස එය නටබුන්වුණෙත් කාන්තාරයක් මෙන් දාලා ගියෙත් මක්නිසාද?
මම නුඹලාගේ නුවරවල් පාළුවක් කොට නුඹලාගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, නුඹලාගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.
මුහුදුබඩ වැසියන් වන කෙරෙතිය ජාතියට දුක්වේ! එම්බා පිලිස්තිවරුන්ගේ දේශය වන කානාන්, ස්වාමීන්වහන්සේගේ වචනය නුඹට විරුද්ධව තිබේ; වැසියෙක් නොසිටින ලෙස නුඹ විනාශකරන්නෙමි.
ඔවුන් නොදන්නාවූ සියලු ජාතීන් අතරට සුළිහුළඟකින් ඔවුන් විසුරුවාදමන්නෙමි. මෙසේ ඔවුන් ගියායින් පසු දේශය මැදින් යන එන කෙනෙක් නැතුව ඒක පාළුවෙන හැටියට ඔව්හු ප්‍රියවූ දේශය පාළුවක් කළෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.
බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ.
ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.
ඉඳින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය.
ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා නුඹලාගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා නුඹලාට බෙදාදුනිමි.