ඇගේ ප්‍රොපේතවරු අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝය. ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලසුවෝය, ව්‍යවස්ථාව පෙරළුවෝය.
හිස නම් වෘද්ධයා සහ ගෞරව ඇත්තාය; වල්ගය නම් බොරු උගන්වන අනාගතවක්තෘය.
මෙන්න, බොරු ස්වප්න අනාගතවාක්‍ය කොට කියන්නාවූ, ඒවා කියාදී තමුන්ගේ බොරුවලින්ද හිස් පාරට්ටුවෙන්ද මාගේ සෙනඟ මුළාකරවන්නාවූ තැනැත්තන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් මම ඔවුන් නොයැවීමි, ඔවුන්ට අණ නොකෙළෙමි; ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
යූදාහි අධිපතීන්ද යෙරුසලමේ අධිපතීන්ද නපුංසකයන්ද පූජකයන්ද වස්සාගේ පළු අතරෙන් ගියාවූ දේශයේ මුළු සෙනඟද,
අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?
එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ටද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්නන්ටද දෙන්නෙමි. මක්නිසාද කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය පස්සේ යති, අනාගතවක්තෘ පටන් පූජකයා දක්වා සියල්ලෝම ප්‍රයෝගකරති.
නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.
ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩකොට මාගේ ශුද්ධවූ දේ කෙලහුවෝය. ඔවුන් ශුද්ධ එකද අශුද්ධ එකද අතරේ වෙනසක් කළේවත් අපවිත්‍ර එකද පවිත්‍ර එකද අතරේ තිබෙන වෙනස දැන්නුවේවත් නැත, මාගේ සබත්ද ඔව්හු නොසලකා ඇරියෝය, මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමුණුණේය.
ඉශ්‍රායෙල් අධිපතීන් නුඹ තුළ සිටියේ එක එකා තම තමාගේ බලය ලෙස ලේ වගුරුවන පිණිසය.
ශුද්ධවූ එක සහ ශුද්ධ නැති එක අතරේ තිබෙන වෙනස ඔවුන් මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර එක සහ පවිත්‍ර එක අතරෙත් තිබෙන වෙනස ඔවුන්ට දන්වත්වා.
දඬුවම්කිරීමේ දවස් පැමිණ තිබේ, ප්‍රතිඵල දීමේ දවස් පැමිණ තිබේ; ඉශ්‍රායෙල් ඒක දැනගන්නවා ඇත. ප්‍රොපේත තෙම අඥානයෙක්ය, ආත්මය ඇති මනුෂ්‍යයා උමතු කෙනෙක්ය. (මෙසේ වන්නේ) නුඹේ අයුතුකමේ මහත්කමද එදිරිකාරකමේ අධිකකමද නිසාය.
සුළඟද වංචාවද ඇතුව ඇවිදින මනුෂ්‍යයෙක්: මම මුද්‍රිකපානයත් සුරාපානයත් ගැන නුඹට අනාගතවාක්‍ය පවසන්නෙමියි කියා බොරු කියන්නේ නම්, ඔහු මේ සෙනඟගේ අනාගතවක්තෘ වන්නේය.
එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.
පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවකරති. එබැවින් මාගේ නාමය සුළුකරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් අසනසේක. එහෙත්: අපි ඔබවහන්සේගේ නාමය කුමකින් සුළුකෙළෙමුදැයි නුඹලා අසන්නහුය.
මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.
එහෙත් නුඹලා මාර්ගයෙන් ඉවත්ව ගොස්, ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනෙකු පැකිලෙන්ට සැලැස්වූහුය; නුඹලා ලෙවීගේ ගිවිසුම බිඳදැමුවහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.
එබඳු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නාවූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ;
ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.
එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාරකළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය.
තවද ඔව්හු බාල්-බෙරීත්ගේ ගෘහයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තෝය.
ඒලී ඉතා මහලුව සිටියේය; තමාගේ පුත්‍රයන් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කළ සියල්ලත් සම්මුඛවීමේ කූඩාරම් දොරකඩ සේවයකළාවූ ස්ත්‍රීන් සමඟ ඔවුන් සයනයකරන බවත් ඔහුට ආරංචිවිය.