නුඹලා ඇතුල්වන්නේ යම් ගෙදරකටද එහි වාසයකොට, එතැනින් පිටත්ව යන්න.
නුඹලා කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාගකොට, පිටත්ව යන තුරු එහිම නැවතී සිටින්න.
තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා යම් තැනකදී ගෙදරකට ඇතුල්වූ කල, එයින් පිටත්ව යනතෙක් එහිම සිටින්න.
තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගමනට කිසිවක් එනම් සැරයටියක්වත් මල්ලක්වත් රොටිවත් මුදල්වත් කබා දෙකක්වත් නොගන්න.
නුඹලා පිළිනොගන්න යම් පමණ දෙනෙක් ඇද්ද නුඹලා ඒ නුවරින් පිටත්ව යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂි පිණිස නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්නැයි කීසේක.
ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැබුවායින් පසු, ඈ කථාකොට: මා ස්වාමීන්වහන්සේට විශ්වාසව සිටින කෙනෙකැයි නුඹලා ඒත්තුගෙන සිටිනු නම්, මාගේ ගෙට ඇවිත් එහි නැවතුණ මැනවියි අපෙන් ඉල්ලා, අප නවත්වාගත්තාය.